indipendence 2018 shlk

නිදහසේ සැබෑ අරුත සොයා ගැනීම පිණිසයි…

නිදහස් නිවහල් දේශයක උරුමකරුවන් වන අපි එම දේශයේ එම නිදහසේ ඉතිහාසය සොයා යාම  අතිශය වැදගත් කරුණකි. සැබෑවටම නිදහස හිමි වූයේ 1948 දී ද? ඩොමීනියන් තත්වයේ නිදහස සැබෑම නිදහසක් ද? යන ප්‍රශ්න ගනනාවකට පිළිතුරු සෙවීම කළ යුතු නමුත් අපට නිදහස ලබා ගැනීමට 1948 ඩොමීනියන් නිදහස හේතු විය.

අප රටේ ඉන්දියාවේ මෙන් නිදහස් සටනක් නොකර නිදහස ලබා ගත්තාද? එම පැනයට පිළිතුර නම් ඉතිහාසය පීරා සොයා ගන්නනට සිදු වේ. ක‍ෙසේ වෙතත් කිසිදු බටහිර ජාතියකට යටත් කර ගැනීමට ‍නොහැකි වු අප රටේ ස්වාධිපත්‍යය 1815 මාර්තු 2 දින මහනුවර මගුල් මඩුවේදී ගිවිසුමකින් නෛතිකව බ්‍රිතාන්‍යයින්ට හිමිවීමෙන් වසර 2-3කට පසුව සිටම අප රට වැසියා බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව නිදහස් සටන් අරඹා ඇත. ඌව පළාතේ වෙල්ලස්සෙන් ඇරඹි එම සටනින් ආරම්භ වූ නිදහස් සටන් 1838 දී වඩාත් ප්‍රභලව දෙවනි වරට ව්‍යාප්ත වීම ඉංග්‍රීසීන් හෙවත් බ්‍රිතාන්‍ය පාලනයට දැඩි ලෙස බලපෑ බව නොරහසකි. කෙසේ වුවද එම සටන් වලට නායකත්වය දුන් හෙල විරුවන් සැමරීම හෝ ඇගයීම කිසිදු නිදහස් උළෙලකදී සිදු නොවීම කණගාටුදායකය. විය යුත්තේ එසේ වුවද අද සිදුවන්නේ පාතිමාමක හෙල නායකයින්ගේ පරමසතුරන් වූ, අප නිදහස් සටන් පරාජයට පත්කල රාජකීය පරම්පරාවල වර්තමාන නායකයින් ලක්දිවට ගෙන්වාගෙන නිදහසේ සාජ්ජ දැමීමකි. සැබෑ නිදහස සැමරිය යුත්තේ එසේද?

සද්ධර්මවාහිනී NEWS 24 (2018.02.04)

නිදහස් සටන් පිළිබදව තොරතුරු සොයා බලමු.

නිදහස් අරගල සියල්ල  (1562 – 1948)

251314_153555548049680_1700969_n

1947දී ස්ථාපිත වූ ‍සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1972 දක්වාම ක්‍රියාත්මක වුයේ නම් 1947 ලංකා ස්වාධිනතා පනත මගින් 1948 පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකාව ලැබූයේ කිනම් නිදහසක් දැයි මා සිත නිරන්තර දෙගිඩියාවකට ලක් කරන්නාවූ පැනයකි.

සැබැවින්ම සිදුවූයේ කැප්පෙටිපොළයන්ගේත් පුරන් අප්පුවන්ගේත් ධර්මපාලයන්ගේත් සා නොවූ විරූ විරුවන්ගේත් ලෙයින් තෙත්ව ගිය හෙළ භූමිය බටහිර ගැති ලාංකිකයන් පිරිසකගේ පෙත්සමකට ඉංග්‍රීසි ආණ්ඩුවෙන් අනුකම්පා සහගත සමාවක් ලැබීම පමණකි.

ආයාචනය හෙළයින්ගේ විරිතක්ව තිබිණි. මව් බිමට කඩා වැද ජාතියත් ආගමත් සංස්කෘතියත් සභ්‍යත්වයත් විනාශ කරන්නවුන් හට හෙළයින්ගෙන් ලැබුණේ දඬුවම්ය. ඊට කදිම නිදසුන් ලෙසින් 1848 ඉංග්‍රීසි පාලනයට එරෙහිව දියත් වූ මාතලේ කැරැල්ලේ සිට 1562 පෘතුගීසි පාලනයට එරෙහිව දියත් වූ මුල්ලේරියා සටන තෙක් වන ලේ වැගිරීම් හැඳින්විය හැකිය.

kandy

එබැවින් ඉංග්‍රීසීන් මෙරට හැර ගොස් 68 වන වසර සැමරුමට ගාලු මුවදොර පිටිය සැරසෙන මොහොතක අප ලැබූයේ සැබෑ නිදහස දැයි යලි මතක් කර දීමට හෙළ දිව ආක්‍රමණයට පැමිණියවුන්ට එරෙහිව හෙළයින් දියත් කළ මහා සටන් පිළිබඳ සංක්ෂිප්තයක් ගෙන හැර පෑමට මම සිතුවෙමි.

1562 මුල්ලේරියා සටන

ක්‍රි. ව. 1551 සිට 1597 තෙක් වූ ධර්මපාල රජු ගේ රාජ්‍ය පාලන සමය හෙළයිනට හිතකර නොවූයේ ඔහු ඒ වන විටත් පෘතුගීසීන්ගේ රූකඩයක් බවට පත්ව සිටි නිසාවෙනි. එහෙත් නොසිතූ මොහොතක සිංහල ලේ කුපිත වූයේය. ඒ, එකල මහ සඟ රුවනක් වූ ‘බුද්ධ වංශ’ තෙරුණ්ගේ රණ හඬින් පිබිද රට දැය සුරැකීමට කටයුතු කළ භික්ෂූණ් වහන්සේලා 30 නමක් පෘතුගීසීන් විසින් ඝාතනය කරනු ලැබූ නිසාවෙනි. ඊට පළි ගැනීමක් වශයෙන් 1562 දී සීතාවක මායා දුන්නේ රජු තම පුත් ටිකිරි කුමරු (සෙන්පති), පනාපිටිය මුදලි, වික්‍රමසිංහ මුදලි ඇතුළුව හමුදා සේනාංක 3කින් ගොස් කෝට්ටේ පෘතුගීසි යටත් ප්‍රදේශ වටලා සටන් කොට මුල්ලේරියා වෙලේදී ‍දොන් ජෝර්ජ් මෙනසස්ගේ නායකත්වයෙන් යුත් පෘතුගීසි හමුදාව සමූල ඝාතනය කරමින් රට එක් සේසත් කළේය.

මෙම සටන රාජාවලියේ මෙසේ සඳහන් වේ:

”රාජසිංහ රජු පෙරමුණ ඉස්සර පාරෙන් ගොස් ප්‍රතිකාල් සේනාව මැදට පැන්නාහ. පස්ස පොරොන්තුවෙන් ගිය හමුදාව යුද්ධ කරනා විට වීරහස්ති ඇතා කොඩියක් ගතිය. ඓරාවණයා කියන ඇතා දම්වැලක් ගතිය. රාජසිංහ රජු අසු පිටට පැන නැඟී මහා සේනාවට පස්සට වෙන්ඩ හැර ප්‍රතිකාලුන් මැදට වැද අසු මෙහෙය වීය. ඇත් අස් සෙනඟ එකට කලබැගෑනිව ප්‍රතිකාලුන්ට තුවක්කුවලට වෙඩි බේත් දමන්ට ඉඩ නොදී කොටන විට පලිස්කාරයෝ ඇතුන්ගේ වල්ගාවල එල්ලී කෙටූහ. තුවක්කුවලින් ගසා ප්‍රතිකානෝ පලිස්කාරයෝ මැරුවාහ. රාජසිංහ රජු අසු විහිදුවා සේනාව වටකර දුවවමින් යුද ගිනි කෙළි කෙළ කොටන බිම දුරුතු මස මිහිදුම් මෙන් වෙඩි දුම් පටලාගෙන සිටින සඳ මුල්ලේරියාවේ වෙල මැද ලේ වතුරු කොට ප්‍රතිකාල් සේනාවට අඩියක්වත් පස්සට යන්න නෑර කොටා ජය ගතිය. එක් දහස් පන්සියයක් ප්‍රතිකාලුන් හා කෝට්ටේ සේනාවෙන් කීප දෙනෙකුත් වෙල මැද වැටුණාහ”

කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුණා
යුදට උපන් කුමරිදු යයි නමක් ඇතිවුණා
මුලෙරියා වෙලේ වතුර ලෙයට හැරවුණා
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජවුණා (ජන කවි)

Painting of Siege at the Officers’ Mess, Regiment of Artillery, Panagoda. Drawn by the immensely talented Prasanna Weerakkody (check out his page!). Note the Kodithuwakku used by the local militia, as well as the Flag of Kotte (Lion holding a whip, signifying justice).

1594 දන්තුරේ සටන

ක්‍රි. ව. 1591 වන විට සීතාවක රාජසිංහ රජුගේ ක්‍රියාකාරකම් නිසා උඩරටට නෑකම් කියූ යමසිංහ බණ්‌ඩාර (දොන් පිලිප්), කොනප්පු බණ්‌ඩාර (දොන් ජෝන්), කුසුමාසන දේවිය (දොන් කැත්‍රිනා) ඇතුළු පිරිසක්‌ බෞතීෂ්මව පෘතුගීසී ආරක්‍ෂාව යටතේ රැකවරණ ලැබීය. නමුදු පෘතුගීසීන් විසින් දොන් පිලිප් කුමාරයාට රජකම දීම පිළිබඳව කිපුණු දොන් ජෝන් කුමාරයා පිලිප් රජු මරා විමලධර්මසූරිය නමින් රජ විය. ඒ හේතුවෙන් පෘතුගීසීහු ‍සහ විමලධර්මසූරිය රජු අතර විටින් විට සටන් ඇවිලෙනු අතර 1594දී දන්තුරේදී ඇතිවූ මහ සටනින් සිංහල හමුදාවන් අතින් පෙඩ්රෝ ලෝපෙස්‌ද සූසා ඇතුළු පෘතුගීසි හමුදාව යළිත් වරක් සමූල ඝාතනය විය.

“වර්ෂ 1594 ක්‌ වූ ඔක්‌තෝබර් මස 06 දින ප්‍රතිකාල් සේනාව බලන අසල ලන්දකට පැමිණියාය. ඒ කණහිම සක්‌හඩද හේවිසි ගැසීමක්‌ද හාත්පස්‌හි පැතිරින. ඒ අසල මාන බලමින් සිටි විමලධර්ම රජුගේ විශාල යුද හමුදාව ප්‍රතිකාලුන්ට පහර දෙන්නට පටන් ගත්තීය. සිංහලයන්ගේ ඊතල සහ වෙඩි උණ්‌ඩ ප්‍රචණ්‌ඩ වාත මේඝයකින් මෙන් ප්‍රතිකාල් සෙන් මත්තෙහි පතිත වන්නට වන” (මහා වංශය)

1603 (බලන සටන)

Satana New

විමලධර්මසූරිය රජුට වැඩි කලක් සාමකාමීව රාජ්‍යය කරගෙන යාමට පෘතුගීසීහු ඉඩ නොදුන්හ. 1602දී ජෙනරාල් ජෙරනිමෝද අසවේදු නායකත්වයෙන් යුත් පෘතුගීසි හමුදාවෝ බුද්දස්ගොඩ, අළුත්නුවර සහ ගනේතැන්න බලකොටු අල්ලා ගනිමින් යලි යලිත් සටන් දියත් කරන්නට විය. සිංහල හමුදාවන් පසු බසින්නට වූයේ අවස්ථාව එන තුරුය. එදින 1603 ජනවාරි 18 වැනිදායි. දඹදෙණියට හා හාරිස්පත්තුවට සතුරු හමුදා පහර දෙන බැව් සැලවීමත් සමග සේතුපාල බණ්ඩාර සෙනෙවියා මහනුවරින් සේනාංකයක් රැගෙන ගොස් ඊට ප්‍රති ප්‍රහාර දුන්නේය. බලන කොටුවේ සිට තම සේනාංක මෙහෙයවූ විමලධර්මසූරිය රජු යළිත් පසු බැස්සේය. පෘතුගීසීහු උදම් අනන්නට විය. දින කීපයකට පසු 1603 පෙබරවාරි 2වන දින අළුයම බලන කොටුවට නොනවත්වා පහර එල්ල වන්නට විය. කපිතාන් ජෙනරාල් ජෙරනිමෝ ද අස්වේදු කොළඹ කොටුවට පැනගත්තේය. කටුගම්පොල, අට්ටාපිටිය, රක්ගහවත්ත ඇතුළුව පෘතුගීසි යටත් ප්‍රෙද්ශ සිංහල හමුදාවන් ජය ගනිද්දී කාන්ගරආරච්චි සෙනෙවියා මීගමුව බළකොටුවද තම අණසකට යටත් කොට ගෙන තිබිණි.

1630 (රන්දෙනිවල සටන)

විමලධර්මසූරිය රජුගෙන් පසු උඩරට රජ වූයේ ඔහුගේම සොහොයුරෙකු වූ සෙනරත් රජුය. 1617දී සෙනරත් රජු හා පෘතුගීසීන් අතර සාම ගිවිසුමක්‌ ඇති විය. නමුදු 1618දී ජෙනරාල් වශයෙන් පත්ව ආ කොන්ස්‌තන්තතීනු ද සා 1627, 1628 වර්ෂයන් හිදී උඩරට ආක්‍රමණය කොට මහත් හානි සිදු කළේය. 1630 අගෝස්‌තු මස මුල් සතියේ ද සා පෘතුගීසි සොල්දාදුවන් 508කින් සහ සිංහල හේවායන් 5000 කින් සමන්විත හමුදාවක්‌ සමඟ බදුල්ලට ඇතුළු වූහ. පෙර සූදානම්ව සිටි සෙනරත් රජුගේ සිංහල සේනාවන් ගරිල්ලා ප්‍රහාරයන් දියත් කළේය. නොසිතූ මොහාතක එල්ල වූ ප්‍රහාරයන්ගෙන් හෙම්බත් වූ පෘතුගීසී හමුදාවෝ අවසානයේ වැල්ලවාය, රන්දෙණිවලට පැමිණියහ. එදින 1630 අගෝස්‌තු මස 20වැනි දිනයි. සිංහල හේවායිනට ස්වභාවධර්මයේද ආශීර්වාදය ලැබිණි. මහ වැසි ඇද හැලී පෘතුගීසීන්ගේ වෙඩි බෙහෙත් තෙත් වී තුවක්‌කු පාවිච්චි කිරීමට නොහැකි තත්ත්වයක්‌ උදාවිය. සිංහල හමුදාවන් නොනවත්වා දියත් කළ ප්‍රහාර නිසාවෙන් පෘතුග්‍රීසීන් 350ක්‌ පමණ මැරුම් කෑහ. කොන්ස්‌තන්තතීනු ද සා ද වෙඩි වැදී මරුමුවට පත්විය. උඩරට රාජධානිය යළිත් සිංහලයින් සතු විය.

1638 (ගන්නොරුව සටන)

මෙවකට ලක්දිව රජකම හෙබ වූයේ 2 වැනි රාජසිංහ රජුය. එතුමා පෘතුගීසීන් වෙත යැවූ සාම ලිපි තඹ දොයිතුවකට ගණන් නොගත් ඔවුහු යළිත් අප රට ආක්‍රමණය කිරීමට කටයුතු සම්පාදනය කළේය. අවසන් හුස්ම පොද තෙක්ම සටන් කිරීමට සිංහල හමුදාවෝ පෙළ ගැසෙද්දී පන්දහසක ලස්කිරිඤ්ඤ හමුදාවක් පෘතුගීසීන්ට එක්ව සිටියහ. 1638 මාර්තු 26වැනි දින අට්ටාපිටියෙන් තම අවසන් ගමන පිටත් වූ පෘතුගීසි හමුදාවේ කපිතාන් ජෙනරාල් දියෝගුද මේලෝද කැස්ත්‍රෝ ප‍්‍රමුඛ පෘතුගීසි හමුදාව කිසිදු අභියෝගයකින් තොරව මහනුවරට පැමිණියද මුල්ගම්පොල හා දෙයියන්නේවෙලදී ඔවුනට සිංහල හමුදාවන්ට මුහුණ දීමට සිදු විය. සිංහල හමුදාවන්ගේ ප්‍රහාරයන් හමුවේ මහවැලි ගඟ තරණය කර ගැනීමට නොහැකි වූ පෘතුගීසි හමුදාවෝ ගන්නෝරුවෙහි කඳවුරු බැඳ ගත්හ. 1638 මාර්තු මස 28වැනි දින උදාවිය. අළුයමින්ම දියත් වූ සිහල ප්‍රහාරයන්ගේ ප්‍රථිඵලය වූයේ හිරු කිරණ මහ පොළව සිප ගනිද්දී කපිතාන් ජෙනරාල් දියෝගුද මේලොද කැස්ත්‍රෝ සහ කපිතාන් මේජර් දම්යාන් බොතාදු ඇතුළු 2500ක පෘතුගීසි හමුදාවෝ නිරුද්ධ ප්‍රාණයන්ගෙන් යුතුව මහ පොළව සිප ගෙන සිටීමයි.

Another of Prasanna’s paintings, depicting the brutal crushing of the Uva Rebellion of 1818.

1818 (වෙල්ලස්ස සටන)

rev-wariyapola-sumangala

1815 මාර්තු 2වැනිදා ඉංග‍්‍රීසින්ට ලංකාවේ බලය අත්පත් වුවද කෙටි කාලයක් යාමටත් මත්තෙන් ඔවුහු ගිවිසුමේ පොරොන්දු කඩ කරමින්, බදු පනවමින් මෙරට සම්පත් හා ශ‍්‍රමය සූරා කන්නට විය. ඉංග‍්‍රීසින් ක‍්‍රිස්තු භක්තිකයන් බැවින් භික්ෂූන් වහන්සේලා සහ බුදුසසුන දිනෙන් දින අපහාසයට ලක් වන්නට විය. වසර 180කට පසු යළිත් සිංහල ලේ කුපිත වන්නට විය. දොරේසාමි වැදි හමුදාවක් සමඟ වෙල්ලස්සට සමිප‍්‍රාප්ත වූයේය. බූටෑවේ රටේරාල ඇතුළු සිංහල ජන කොටස්ද දොරේසාමි ඇතුළු පිරිස සමඟ එක් වූහ. ඒ අතර තුර මෙම සිංහල පිබිදීමට එරෙහි වන්නට ආ බදුල්ලේ ඒජන්ත වූ විල්සන් ලූතිනන් සිංහල සටන්කරුවන්ගේ හී පහරකින් මරුමුවට පත්විය. වෙල්ලස්සේ සටන ඇවිලිණි. ඉංග්‍රීසීන්ට වැරදුනේ එතැනය. සටන මැඩ පැවැත්වීමට ඔවුහු එවූයේද සිංහලයෙකි. ඔහු නමින් මොණරවිල කැප්පෙටිපොල විය. කැප්පෙටිපොල දිසාවේ හමුවූ බූටෑවේ රටේරාල ඔහුට කරුණු පැහැදිලි කර දුන් අතර එහි ප්‍රථීඵලයක් ලෙසින් තමන් කැටුව ආ ඉංග්‍රීසි හමුදාව යළි හරවා යැවූ කැප්පෙටිපොළ වීරයා 1817 නොවැම්බර් 1වැනි දින අළුපොත දී හෙළයිනගේ කැරැල්ලට එක් විය.

දිගින් දිගටම සටන් ඇවිලෙන්නට විය. සටන්කරුවන්ගේ බරපතල පහරදීම් වලින් බැටකෑ ඉංග‍්‍රීසි හමුදාවෝ වියරුවෙන් මෙන් උඩරට ගම්බිම් වනසන්නට විය. වතුපිටි, ඉඩකඩම් කොල්ල කෑහ. වෙල්ලස්සේ වෙල් එක රැයකින් අළු දූලි බවට පත් කළහ. කුඩා දරුවන්, කාන්තාවන්, තරුණ තරුණියන් කපාකොටා ඝාතනය කරමින් අමානුෂික මෙහෙයුමක් දියත් කළේය. සිවිල් ජනයා නිකරුණේ මරු වැළද ගනු දුටු කැරැල්ලේ නායකයිනට සිදුවූයේ සටන අත්හැර දැමීමටය. නොඑසේ නම් නිවට ඉංග්‍රීසි හමුදාවෝ අතින් තව තවත් සිවිල් ජනයා නිස්කාරණේ ඝාතනය වනු ඇත. සිංහල හමුදාවන් සටන් ලිහිල් කළහ. කැප්පෙටිපොල හා පිළිමතලාවේ 1818 ඔක්තෝබර් 28 වැනිදා නුවර කලාවියේ පරවහගම දී ලූතිනන් වෙනිල් ඇතුළු ඉංග‍්‍රීසි භට පිරිසකගේ අත්තඩංගුවට පත්විය. 1818 නොවැම්බර් 2වන දින උදාවිය. හෝරා කිහිපයක් ප්‍රමාද වීදී හිරු පායද්දී බෝගම්බර පිටිය සිංහල ලෙයින් තෙත්ව ගොස් හමාරය. කැප්පෙටිපොල වීරයාගේ හිස කඳින් වෙන්වූයේ මුළු මහත් ජාතියේම නෙත් අග කදුළු පුරවමිනි.

1848 (මාතලේ සටන)

1848 වන විට මෙරට ආණ්ඩුකාරවරයාව සිටි ටොරිංටන් ස්වාමිවරයා ලෙස ලක්වාසීනට පනවා තිබූ බදු අනිසි ලෙස වැඩි කළේය. කොටින්ම කියතහොත් නිවසේ විසූ සුනඛයිනට පවා බදු ගසන්නට විය. ටොරිංටන්ගේ පාලන ක්‍රියා කලාපය ලක් වාසීනට නොරිස්සමින් පවතිද්දී එක් විශේෂ සිදු වීමක් සිදුවිය. එනම් කළම්බු ඔබ්සවර් පත්‍රයෙහි ලිපියක “අසාධාරණ බදු ගෙවමින් තම බලය නොපෙන්වා සිටීම නිසා සිංහලයා අසාධාරණයට හිස නමන නිවට ජාතියක් ලෙස ලෝ වැසියන් පිළිගනු ඇත” යනුවෙන් පළ වීමයි. ගත වූයේ දින කිහිපයකි. කොළඹ, මහ නුවර, බොරැල්ල ආදී ජනාකීර්ණ නගර තුලින් මතු වන්නට වූයේ සිංහලේ ජන හඬය. නමුදු ඒ වන විටත් ඉංග්‍රීසීන් විසින් හඳුන්වා දී තිබූ පෙත්සම් හෙවත් ඇඟ බේරා ගැනීමේ කලාව මෙරට ජන සමාජය තුල මුල් බැසගෙන තිබිණි. ඒ අනුව යමින් 1848 ජුනි මස 6වැනි දින මහ නුවරට රැස් වූ 4000ක පමණ පිරිසකගේ පෙත්සමක් ඉංග්‍රීසි ආණ්ඩුව වෙත යැවීය.

ඉංග්‍රීසීහු එය අංශු මාත්‍රාවකට ගණන් නොගත් නිසාවෙන් ආයාචනය පසෙකලූ හෙළයින් අරගලයකට එක් රොක් වූහ. කුරුණෑගල අරගලයට හගුරංකෙත ඩිංගිරාල කෝරාළාත්, මාතලේ අරගලයට ගොංගාලේ ගොඩබණ්ඩාත් නායකත්වය දුන්හ. ඒ අතරතුර පුරන් අප්පුද මාතලේ අරගලයට එක් විය. අරගලය සටනකට මුල් පෑදුවේය. දඹුල්ල, මාතලේ, වාරියපොළ, කුරුණෑගල ප්‍රදේශ තුල දරුණු සටන් ඇති විය. ඉංග්‍රීසි හමුදාවෝ දහස් ගාණනක් මැරුම් කෑහ. මහ උසාවිය විනාශ විය. මුඩුබිම් පනත ගිනි තැබුවේය. කුරුණෑගල සිරගේ බින්දේය. අන්ත අසරණවූ ටොරිංටන්ට අවසානයේ යුධ නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවිය. සිදුවූයේ කිසි කෙනෙකු නොසිතූවකි. නැවත වතාවක් ඉංග්‍රීසි හමුදාවෝ යුධ නීති උල්ලංඝනය කරමින් සිවිල් වාසය වනසන්නට විය. මාතලේ කැරැල්ලට උපකාර කළ කුඩාපොල හිමියන් 1848 අගෝස්තු 26වැනි දින මහ නුවර දළදා මාළිගාව ඉදිරිපිටදී වෙඩි තබා අපවත් කරන නීච ඉංග්‍රීසි හමුදාවෝ 1848 අගෝස්තු 29වැනි දින පුරන් අප්පු වීරයාවත් ඩිංගිරාළ වීරයාවත් වෙඩි තබා ඝාතනය කරමින් මාතලේ සටන තිඹිරි ගෙයිහිම මිහිදන් කළේය.

“මගේ අම්මා මං වගේ තව තුන් දෙනෙක්වත් බිහි කළා නම් ඉංග්‍රීසී පරයින්ව අපේ රටෙන් අතුගාලා දාන්න තිබ්බා” (වීර පුරන් අප්පු)

1948

Rare footage of the 1948 Independence celebrations, from the recently released British Pathe collection

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි පානදුරා වාදයට පණ පොවද්දී විදුදය, විදුලකර ප්‍රධාන කොට රට පුරා පිරිවෙන් අධ්‍යාපනය නැගී එද්දී අනගාරික ධර්මපාල තුමා මහා බෝධි සංගමය හා තරුණ බෞද්ධ සංගමය පිහිටුවමින් අමද්‍යප ව්‍යාපාරය අරඹද්දී හෙන්රි ඕල්කට්තුමාගේ පරමවිඥාර්ථ බෞද්ධ සංගමය කරලියට එද්දී සර් පොන්නම්බලම් රාමනාදන්, සර් පොන්නබලම් අරුනාචලම්, ආරුමුග නාවලර්, සිද්ධිලෙබ්බේ වැනි අරගල කරුවන් හින්දු හා මුස්ලිම් අධ්‍යාපනික ව්‍යාපාර වෙනුවෙන් පෙනී සිටිද්දී බටහිර ගැති ලාංකිකයින් කිහිපදෙනෙකුගේ පෙත්සමකට 1947 දී ‍සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ 1948 පෙබරවාරි මස 04 වැනි දින ශ්‍රී ලංකාව නිදහස ලැබුනේලු.

මදක් සිතන්න එය ‘නුඹලාගේ ගෙදර, අපි කියන විදියට, නුඹලාගේ පාඩුවේ ඉඳපල්ලා’ යැයි පැවසීම වැන්නක් නොවන්නේද ?

බ්‍රිතාන්‍යයින්ට එරෙහි ප්‍රධාන නිදහස් සටන්

1818 නිදහස් සටන

Keppetipola_wage

ක්‍රි.ව. 1818 නිදහස් සටනට තුඩුදුන් ආසන්නතම හේතු

  • උසස් නිලතල සිංහල පවුල් වලට ලාබදී‍මේ සම්ප්‍රදායට පටහැනිව වෙල්ලස්සට “හජ්ජි මරික්කාර්” නැමැති මුස්ලිම් මුහන්දිරම් වරයෙකු පත් කිරීම. මේ අතර රජ පෙළපතට සම්බන්ධකම් කී තමාට රජකමෙි උරුමය ඇතැයි ‘විල්බාව ප්‍රදේශයේ‘ “දොරේසාමි” නම් තැනැත්තෙකු පෙනී සිටින ලදී.
  • ක්‍රී.ව. 1817 වසරේ මැද භාගයේදී දොරේසාමී අල්ලා ගැනීම සදහා ‘හජ්ජි මරික්කාර්’ කැටුව බදුල්ලේ උප ඒජන්ත වූ ‘සිල්වෙස්ටර් විල්සන්’ යවන ලදී.කුපිත වූ ජනතාව ඔවුන් දෙදෙනා ඝාතනය කරන ලදී.වෙල්ලස්සෙන් ඇරැඹි කැරැල්ල වැඩිකල් යාමට පෙර උඩරට ප්‍රදේශය පුරා පැතිරිණි.
  • සටන මැඩලීමට පැමිණි කැප්පැටිපොළ දිසාවේද, කැරලිකරුවන්ට එක්වීම නිසා ඉංග්‍රීසින්ට විශාල පාඩුවක් සිදුවිය. දන්ත ධාතූන් වහන්සේ ඉංග්‍රීසීන් සතුවීමත් සමග ක්‍රි.ව. 1818 ජනවාරි මස වන විට දුම්බර, හේවාවැට , සත්කෝරලය, මාතලේ, හාරිස්පතුතව, සබරගමුව හා නුවර කාලාවිය යන ප්‍රදේශ පුරා පැතිරී යන ලදී.මෙම ප්‍රදේශවල මාර්ෂල් ලෝ හෙවත් යුධ නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් සටන අසාර්ථක විය.

ක්‍රි.ව 1818 නිදහස් සටනට තුඩුදුන් අනෙකුත් හේතු

1. අදෘශ්‍යමාන රජෙකුට ගෞරව කිරීම.

  • උඩරට ජනතාව පුරුදුව සිටියේ තම දෙනෙත්වලින් රජු බලා තම ඕනෑ එපාකම් සපුරා ගැනීමටය.නමුත් බ්‍රිතාන්‍යයන් සතුවීමත් සමග රජු වශයෙන් සලකන්නට වූයේ කිසිදා දැකගැනීමට නොහැකි රජෙකි.සිහසුනේ රජු තමන්ට දැකගැනීමට නොහැකි වීම ගැන උඩරැටියන් කනස්සල්ලට පත්විය.

2. රදලවරුන්ගේ බලලෝභී අපේක්ෂා

  • ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බලයෙන් පහකොට උඩරට රාජ්‍යය තමා වෙත පවරාදෙනු ඇතැයි ඇහැළේපොළ කල්පනා කරන ලදී. උඩරැටියන් ඔහුව හැදින්වූයේ “දෙවෙනි රජ්ජුරුවෝ” යන නමිනි.රජුගේ අයිතිවාසිකම් වලට මෙන් උරුමකම් කී ඇහැළේපොළට රජකම බලාපොරොත්තු වූවත් අපේක්ෂා භංගත්වයට පත්විය.

3. රදලවැන්ගේ කලකිරීම.

  • සිංහල පාලනය යටතේ විශාල වශයෙන් බලතල භුක්ති විදිමින් සිටි රදලවරුන් ප්‍රාදේශීය රජවරුන් ලෙස කටයුතු කිරීම. එහෙත් ඉංග්‍රීසි පාලනය හමුවේ ඔවුන් අවතක්සේරුවට පත්විය. තීරුබදු අය කිරීම, නඩු විසදීම, බ්‍රිතාන්‍යය අණසක අනුව ක්‍රියා කිරීමට සිදුවීම. රජුට පමණක් දෙවෙනි වී ක්‍රියා කල රදලයන්ගේ එම තත්වය නැත්වීම දැඩි කනස්සල්ලට හේතු විය.

4. භික්ෂූන් වහන්සේගේ කල කිරීම.

  • ක්‍රි.ව. 1815 උඩරට ගිවිසුමේ සදහන් පරිදි බුද්ධාගමට හෝ බෞද්ධ භික්ෂූන් වහන්සේට බ්‍රිතාන්‍යය පාලන සමය තුළ රජ කාලයේ මෙන් ගරුබුහුමන් නොලැබුණී.රාජ අනුග්‍රහය උඩරට ගිවිසුමේ පරිදි නොලැබුණී.මේ තත්වය භික්ෂූන් වහන්සේ සහ බුද්ධාගමට දැඩ් ලෙස සම්බන්ධව සිටි සාමාන්‍යය ජනතාවද කලකිරීමට හේතු විය.

5. ක්‍රි.ව. 1815 උඩරට ගිවිසුමේ පොරොන්දු ඉටු නොවීම.

  • උඩරට ගිවිසුමේ පොරොන්දු වූ පරිදි පැරණි නීති රීති සහ සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් සිය පාලනය ගෙන යන බව ඉංග්‍රීසීන් ප්‍රකාශ කලද එය එලෙස ඉටු නොවීම.

ක්‍රි.ව. 1818 නිදහස් සටනේ නායකයින්

1. මොණරවිල කැප්පැටිපොළ

2. කිවුල්ගෙදර මොහොට්ටාල’

3. මඩුගල්ලේ

4. බූටෑවේ රටේ රාළ

5. ගොඩේ ගෙදර අදිකාරම්

6. ගලගෙදර ඓාහොට්ටාල

7. කොහු කුඹුරේ රටේ රාළ

8. පිළිමතලව්වේ දෙවන මහදිකාරම්

9. දඹවින්න දිසාවේ

10. දිඹුලාන දිසාවේ

ක්‍රි.ව 1818 නිදහස් සටන අසාර්ථක වීමට බලපෑ කරුණු

  • කැරැල්ල මනා ලෙස සංවිධානය නොවීම එනම් ඒකාබද්ධ සටනකට වඩා තැන තැන සටන් ඇතිවීම.
  • මොල්ලිගොඩ දිසාවේ ඉංග්‍රීසීන්ට පක්ෂපාතිවීම නිසා ඔහුගේ දිසාවනිය හරහා ඉංග්‍රීසීන්ට කොළඹ- මහනුවර සබදතා පවත්වා ගතහැකි වීම.
  • දන්ත ධාතූන් වහන්සේ ඉංග්‍රීසීන් සතුවීම.
  • කැරැල්ල දරුණු ලෙස මර්ධනය කිරීමේ ප්‍රතිපත්තිය.(මෙහිදී ඉංග්‍රීසීන් විසින් ගෙවල් ගිනිබත් කිරීම, දේපල විනාශ කිරීම, කැරලිකරුවන් මරා දැමීම.)
  • දොරේසාමී සිහසුනේ උරුමක්කාරයෙකු නොවන බව හෙළිවීම.(ඔහු විල්බාව ග්‍රාමයේ පැවිදි පුද්ගලයෙකු වීම.)

ක්‍රි.ව. 1818 නිදහස් සටනේ ප්‍රතිඵල

  • සිංහල රදල නායකයින්ගේ ජීවිත රැසක් අහිමිවීම.(කැරලි නායකයන් වූ වීර කැප්පැටිපොළ දිසාවේ හා මඩුුගල්ලේ රාජද්‍රෝහීන් ලෙස මහනුවර බෝගම්බරදී හිසගසා මරණයට පත්කිරීම.)
  • ඇහැළේපොළ ඇතුළු පිරිස මරුසි දිවයිනට පිටත් කර යැවීම.
  • උඩරට දේශීය නිළධාරීන් වැටුප් ලබන සේවකයන් ලෙස පත්කිරීම.
  • රදල බලය තවදුරටත් අඩු කිරීම. (අධිකරණ බලය ඉංග්‍රීසි ඒජන්තවරුන්ට පැවරීම.)
  • උඩරට අන්‍ය ආගම් පැතිරීමට ඉඩ ලබා දීම.
  • උඩරට ප්‍රදේශවල මහා මාර්ග තනවා ලංකාවේ පහතරට ප්‍රදේශ සමග සම්බන්ධ කර එම ප්‍රදේශ හුදකලා තත්වයෙන් මිදීමට කටයුතු කිරීම.
  • ගම්බම් රාශියක් ගිනිතබා විනාශ කිරීම නිසා රට වැසියෝ බොහෝ දෙනෙක් ආහාර හිගයට හා ලෙඩ රෝගවලට ගොදුරු වීමෙන් මරණයට පත් වීම.
  • දේශීය නිළධාරීන්ට පත්වීම් ලැබුණේ බ්‍රිතාන්‍යය ආණ්ඩුව විසින් නිකුත්කරන ලද පත්වීම් ලිපිවලට පමණක් වීම.
  • උඩරට ගිවිසුමේ 5 වන වගන්තිය අනුව බුද්ධාගමට ලැබුණු විශේෂත්වය වෙනස් කිරීමට සටන අවස්ථාවක් කරගැනීම.
  • ක්‍රි.ව. 1815 උඩරට ගිවිසුමේ ඒකපාර්ෂිකව අහෝසි කර 1818 නොවැම්බර් මස 21 වැනි දින ප්‍රකාශයක් නිකුත් කරමින් උඩරට යුද්ධයෙන් ජයගත් ප්‍රදේශයක් බවට තහවුරු කිරීම.

https://si.wikipedia.org/wiki/ක්‍රි.ව.1818_පළමු_නිදහස්_සටන

b4puran

වෙල්ලස්සේ නිදහස් සටනේ සටන්කරුවෝ රදළයෝමද?

වෙල්ලස්සේ සටන රදලයින්ගේ සටනක් යැයි කීම දුටුගැමුණු රජුගේ සටන දස මහා යෝධයන්ගේ සටනක් යැයි කීම හා සමාන වූ අනුවණ කීමකි. විල්බාවේට එරෙහි කඩුවේදීද අනාවරණය වූ පරිදි ඉහළ රදලයින්ගේ දායකත්වයක් වී නම් ඒ කැප්පෙටිපොළ, මඩුගල්ලේ සහ ඇල්ලේපොළ වැනි නිළමේවරුන් කිහිප දෙනෙක් පමණි. ඒ හැරුණු විට සටනේ පෙරමුණ ගත් රදලයින්ගේ කුලීන බව ගැන සැකයක් නැතත් ඔවුන් රටේ රාල මොහොට්ටාල වැනි ප්‍රාදේශීය කුඩා තනතුරු දැරූ නායකයන් වූහ. උඩරට විශාලතම කුලය වූ ගොවි කුලය සටනේ වැඩි දායකත්වයක් දැරුවද, සෙසු සියලු කුලවල පුද්ගලයෝද සටන් පෙරමුණේ සිටියහ. සටන තුළ පංති හෝ කුල හෝ භේදයක් නොවීය. කැරැල්ලේ අභීත නායකයෙක් වූ හාමාපොළ දුරයා ගොවිගම වංශයේ නායකයෙක් නොවීය. ඔහුගේ මව වූ රන්කිරි සටන පැරද යන කැරැලිකරුවන් පාවා නොදී මරණය තෝරාගත් අභීත වීරවරියකි.
1818 නිදහස් සටන දුර්වල වෙමින් පැවතුණි. ඉංග්‍රීසීහු කොහුකුඹුරේ රටේ රාල වැනි සටන් නායකයින් සොයමින් වෙල්ලස්සේ ගම්මාන පීරමින් සිටියහ. ඒ අතර වෙල්ලස්සේ ගම් බිම්
ගිනිබත් කරමින් ඉංග්‍රීසින් පැමිණි අතර සටන්කරුවෝ හා ගම්වැසියෝ ආරක්ෂිත ස්ථාන වෙත පසුබැස්සාහ. ජනප්‍රවාදයට අනුව බිබිල හාමාපොළ ගමේ ඉතිරිව සිටියේ රන්කිරි වැනි වියපත් ස්ත්‍රීන් කිහිප දෙනෙක් පමණි. හාමාපොළ දුරයාගේ නිවස වැටලූ සොල්දාදුවන් එය කොල්ලකා දුරයාගේ මහලු මව වූ රන්කිරි අත්අඩංගුවට ගෙන සිය ප්‍රධානියා වෙත ගෙන ගිය බව සඳහන් වේ.
කැරැලිකරුවන් සැඟව සිටි තැන් ප්‍රශ්න කරද්දී ඇය පැවසුවේ “ඔවුන් ඉන්නා තැන තමන් දන්නා බවත්, එහෙත් කිසිසේත් නොකියන බවත්ය” අත්, කන්, නාසය කපා ගෙල සිඳ මරා දැමුවද රන්කිරි ගෙන් කිසිවක් හෙළිදරව් නොවීය. රන්කිරිගේ වීරත්වය හෙළ ඉතිහාසයේ විහාරමහා දේවි, සෝමා දේවීන් දැක් වූ වීරත්වයට දෙවැනි වන්නේ නැත.
බදුල්ලේ විදීගුනේ දඩුවරාවේයායේ පදිංචිව සිටි ඩිංගිරි අප්පු හා බාලප්පු රදල වංසිකයින් නොවේ. දුර්ග මාර්ගයකින් ඉංග්‍රීසින් කැඳවා ගෙන ගොස් පර්වතයකින් ඇඳ දැමීමට ඔවුන් කටයුතු කළ බව මුඛ පරම්පරා ගත කතා කියයි. සටනින් පසු දිගාමඩුල්ලේ මුල්ලේගම, පාදාගොඩ, ගල්ගමුව, නෙල්ලියද්ද වැනි ප්‍රදේශද මොනරාගල උඩික්කැපූආර, කොටියාගල, කහම්බාන හා නැගෙනහිර ප්‍රදේශයේ පානම වැනි ප්‍රදේශවලට පලා ගියේ සටන්වැද සිටි සාමාන්‍ය ජනතාවය. 1818 පෙබරවාරි 19වැනි දින රොබට් බ්‍රවුන්රිග් බැතර්ස්ටි වෙත යවන ලිපියේ සඳහන් කරන්නේ “ඌවේ දිසාව හැර සෙසු කිසිම උසස් බලවත් නිලමේ කෙනෙක් සිංහාසන අපේක්ෂකයාට මෙතෙක් එළිපිට පක්ෂව නොසිටින බව උතුමාණන්ට දක්වනු කැමැත්තෙමි” යනුවෙනි.
සටනින් පසු විල්බාවේට එරෙහිව පැවති නඩු විභාගයේදී කතරගම මහබෙත්මේගෙන් අසනු ලබන 23වැනි ප්‍රශ්නය වන්නේ “කැරැල්ල ඇති වෙන්නට කලින් බොරු රජ්ජුරුවන්ට උඩරට කිසියම් නිලමේවරුන්ගෙන් හෝ නායක හාමුදුරුවන්ගෙන් හෝ රහසිගත ආධාර ලැබුණාද? යනුවෙනි. මහබෙත්මේ පිළිතුරු දෙන්නේ “මම දන්නේ නැහැ” යනුවෙනි.
එම ප්‍රකාශවලින් පෙනී යන්නේ වෙල්ලස්සේ නිදහස් සටන බහුජන නැගී සිටීමක් මිස පුද්ගලයින් කිහිප දෙනෙකුගේ සටනක් විය නොහැකි බවය. එම ලිපියේම රොබට් බ්‍රවුන්රිග් සඳහන් කරන්නේ ඉන්දීය ආණ්ඩුවෙන් උපකාරී හමුදාවක් ලබා ගෙන මිස කැරැලිකරුවන් එකමුතු කරන වැඩවලට විරුද්ධව සටනක් ගෙන යෑම ඉතා අමාරු බවය. එපමණක් නොව වෙල්ලස්සේ ජනතාව ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව තම ගම් බිම් ධන ධාන්‍ය සම්පත් හැර දමා සටන් බිමට ගිය බව 1818 අප්‍රේල් 12 යවන ලිපියක මෙසේ සඳහන්ය.
“වෙල්ලස්සේද කලබල නැත. එහෙත් මරක්කල් මිනිසුන් හැර සෙසු සියලු දෙනා ඒ පළාත අත්හැර දමා වෙන පළාත්වල කැරැලිකරුවන්ට එකතු වී සිටිති” යනුවෙනි. උඩරට පුරා පැතිර ගිය සටන්වලට වෙල්ලස්සේ ජනතාව සහභාගි වූ ආකාරය මෙම ලිපියෙන් මනාව සනාථ වේ.
1818/07/07 වැනි දින ඛගෘග බුෂේගේ පොදු ආඥාවේ සඳහන් කරන්නේ උඩරට පළාත්වලට යවා ඇති හමුදා පිරිස ඔවුන්ට විරුද්ධව සටනට එන විශාල සංඛ්‍යාව හා සසදා බලන කල ඉතා සුළු බවය.
සටනේ නායකත්වය ගත් පිරිස් අතර, දඹගල්ලේරාල, වෙල්ලස්සේ මඩුගමේ රාල (මැදගමේ) කඳවින්නේ දිසාව (කැන්දවින්න) කඳවින්නේ මොහොට්ටාල, පල්ලේකිරුවේ මොහොට්ටාල, බකිනිගහවෙල උපසේකර මුදියන්සේ, බකිනිගහවෙල හීන්අප්පු ආදීන් ද වූහ. මොවුන් සියලු දෙනාද බිබිල අවට ප්‍රදේශවාසීන්ය. එසේම අලව්මුල්ලේ රාල, නක්කල මුදියන්සේ, බකිනිගහවෙල හීන්අප්පු, බකිනිගහවෙල මද්දුමරාල, බකිනිගහවෙල පුංචිරාල, ඊතණවත්තේ ගෙදර කපුරාල තවත් එවැනි බිබිල අවට සාමාන්‍ය ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකි.
සටනින් පසු යුද නීතිය යටතේ සිරගත කරන ලද සිරකරුවන්ගේ නාම ලේඛනය පරීක්ෂා කිරීමේදී වෙල්ලස්සේ මෙන්ම මුළු මහත් උඩරටම විවිධ ප්‍රදේශවල විවිධ කුල සහ සමාජ තරාතිරම්වලට අයිති පුද්ගලයින්ගේ නම් අනාවරණ වේ. මඩුල්ලේ අරුමා, නින්දේගම ඩිංගා, ජුවානිස්, පලියා මහදුරයා, කින්ඩි මැණිකා දුරයා, බදුල්ලේ කිරිනයිදා, කටුගහවෙල දුරයා, බදුල්ලේ ගණිතා, බදුල්ලේ වීදිගුනේ, දඩුඅරාවේ ඩිංගිරි අප්පු හා බාල අප්පු, හාමාපොල රන්කිරි, සුරලා, පුංචා වැනි අයට කැරලි ගැසීම, කැරලිකාර ගතිපැවතුම්, කුමන්ත්‍රණ. මහජන කැලඹිලි කතා පැවැත්වීම, යුද වැදීම, කැරලි ගැසීමට අනුබල දීම ආදී විවිධ චෝදනා යටතේ නඩු පවරා මරණ දඬුවම, සිර දඬුවම, කස පහර දීම වැනි දඬුවම් නියම කර ඇත. ඒ අතර හතර කෝරලේ රොඩී කුලයේ පිරිසකටද දඬුවම් පමුණුවා ඇත.
ඒ හැරුණුවිට දේවදියේ රටේරාල, හිග්ගහලන්දේ විදානේ ආරච්චි, මුදියන්සේ පුංචිරාල, ගම් ඇති රාල, මත්තමගොඩ නිලමේ, විදවල මුදියන්සේ, මඩුගස්තලාවේ බස්නායක රාල, මඩුගස්තලාවේ මොහොට්ටාල, බොරගොල්ලේ මොහොට්ටාල වැනි රදල මෙන්ම ගොවිගම කුලයේ සෙසු පිරිස්ද දඬුවම් කළ සිරකරුවන්ගේ ලැයිස්තුවේ සඳහන් වෙන පුද්ගලයින් රාශියකින් කිහිපදෙනෙකි. සෑම සමාජ තරාතිරම පුද්ගලයින් සටන් වැදුණු බව පෙනේ. එහෙත් උඩරට හැරුණු විට සෙසු ප්‍රදේශවල පුද්ගලයින් කිහිප දෙනෙකු හැරුණු විට ප්‍රදේශ හෝ සමාජ කණ්ඩායම් හෝ මෙම සටනට සහභාගි වූ බවක් නොපෙනේ.
ගොවිගම කුලේ නොවූ පිරිස් අතර පහත සඳහන් රණවිරුවෝද අමතක කළ නොහැකිය. 1818/11/14 ආඥා පත්‍රය අනුව කැරලිකරුවෙකු ලෙස නම් කර දේපල රාජසන්තක කළ අලුවෙල මහදුරයා එලෙසම කැරලිකරුවෙකු ලෙස නම් කර දේපල අහිමි වූ උඩකුඹල්වෙල කළුවා, උඩුවෙල දුරයා, කැටකෑලේ දුරයා. 1818/06/30 යුද්ධාධිකරණය මගින් බදුල්ලේදී මරණ දඬුවම නියම කර එල්ලා මරා දැමූ කිරිනයිදා 1818/08/26 වැනි දින පරණගමදී මරණ දඬුවම් නියම කළ කිරිනයිදා, 1818/07/02 මරණ දඬුවම නියම කළ කිරිමින්දා, කොළඹ සිර අඩස්සියේ රඳවා සිටි කෝලා 1818/08/25 දින පරණගමදී මරණ දඬුවම දුන් ගණිතා 1818/11/14 කැරලිකරුවෙකු ලෙස නම් කර දේපල රාජසන්තක කළ ගොඩමුන්නේ හංගිඩියා. තුප්පිටියේ බෙරවයන්නා 1818/05/06 වන දින ලුතිනන් කර්නල් මොෆෙට් විසින් මහනුවරදී පැවැත් වූ යුද්ධාධිකරණයේදී මරා දැමීමට තීරණය කර එම වසරේම 05/31 වැනිදා එල්ලා මරා දමන ලද පෑලව මහදුරයා එම වසරේම අගෝස්තු 28 වැනි දින මේජර් මැක්ඩොනල්ඞ් පරණගමදී යුද්ධාධිකරණයේදී මරණ දඬුවම දී එල්ලා මරා දමනු ලැබූ පුංචා, ඩග්ලස් විලසන් මරා දැමූ පුද්ගලයින් සිවු දෙනාගෙන් අයෙක් ලෙස මීගහපිටියේ රාල විසින් නම් කළ පොල්ගහවෙල බඩහැලයා, පුංචි හලුවා 1818/01/27 වැනි දින යුද්ධාධිකරණය මගින් මඩුල්ලේදී මරණ දඬුවම නියම කරන ලද එදිනම එල්ලා මරා දැමූ මඩුල්ලේ අරුමා, මුල්ලෙන්වරිගේ ගවලියා, 1818/11/24 ආඥා පත්‍රය අනුව කැරලිකරුවෙකු ලෙස නම් කරනු ලැබ දේපල රාජසන්තක කරනු ලැබූ ලුනුගල දුරයා, හිත්තරයා. වැනි විරුවන්ද ගොවිගම කුලේ අය නොවන බව පෙනේ.
මෙසේ ආදිවාසීන්ද, විවිධ කුලවල ජනතාවද පමණක් නොව විවිධ කුලවල කාන්තාවෝද වැඩවසම් සමාජයේ වුවද නිවසට වී නොසිටියහ. ජනප්‍රවාදයේ එන බූටෑවේ රටේරාලගේ දියණියද, හාමාපොළ රන්කිරිද, කන්දේකැටියේ රටේ රාලගේ සහෝදරියද, සටන්කරුවන් ඔටුනු පැලඳවූ විල්බාවේගේ බිසව වූවා යැයි සැලකෙ කොහුකුඹුරේ රටේරාලගේ සහෝදරියද ඉන් කිහිප දෙනෙකි.
සටනේ සමස්ත ජන සහභාගිත්වය විශේෂයෙන් වෙල්ලස්ස ප්‍රමුඛ උඩරැටියන් විය. එහෙත් කොළඹ උන්නාන්සේ, ගාල්ලේ උන්නාන්සේ වැනි ස්වාමීන් වහන්සේලාද, බඹරැන්දේ යාපා අප්පුහාමි වැනි පහතරැටියන් කිහිප දෙනෙක්ද නිදහස් සටනට උරදුන්හ.
මැලේ සහ මලබාර් ජාතිකයින් කිහිපදෙනෙක් වෙල්ලස්සේ සටන්කරුවන් හා එක්ව සිටි බව පෙනේ. මලබාර් ජාතික වෙළෙන්දෙක් වූ ක්‍රිෂ්ණා, මැලේ ජාතිකයෙක් බව පෙනී යන හේදර, සයිබු, කැප්පෙටිපොළට ආරක්ෂාව දුන් වෙලන්ගස්හින්නේදී යටත් වී ගාල්ලේ සිර අඩස්සියේ රඳවා තැබූ සෙයියදූ අසන් ඒ අතර වේ. 1818/11/01 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී මහනුවරදී අත්අඩංගුවටගත් කැප්පෙටිපොළගේ ආරක්ෂාවට සිටි වීරපත්‍රම් ඉන්දියානු ජාතිකයෙක් බව පෙනේ. රඝු, බොම්බායේ සිට පැමිණ කැරැල්ල අවස්ථාවේදී කැප්පෙටිපොළට ආරක්ෂාව සැපයූ මස්තෙල්ලේද මලබාර් වැසියකු වූ බීමා ද මැලේ ජාතික බාවා සයිගුද 1818/10/05 වැනි දින මහනුවරදී අත්අඩංගුවට පත් වූ මැලේ ජාතික පකීර් පූකි ද ඒ අතර වේ. 1818 ඔක්තෝබර් මස විල්බාවේගේ
අනුගාමිකයන් සමූහයක් සමඟ සිටියදී අත්අඩංගුවට ගත් බාවා සයිගු විල්බාවේට සමාන ස්වරූපයක් ඇති අයෙක් බවද සඳහන් වේ. සෝගමෝලි වෛරමුත්තු චිට්ටි, කැරලිකරුවන් අතර මූලික ස්ථානයක් ගෙන ක්‍රියා කළ දෙමළ ජාතිකයෙක් බව එඞ්වඞ් බාන්ස් ආණ්ඩුකාරවරයා 1820 යවන ලද සංදේශයක සඳහන් වේ.

රෝහණ අනුර කුමාර හේරත්
මහාධිකරණ විනිසුරු – මහනුවර

http://www.lankadeepa.lk/sunday/rasawitha/වෙල්ලස්සේ-නිදහස්-සටනේ-සටන්කරුවෝ-රදළයෝමද-/57-512142

1848 නිදහස් සටන

සර් රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයගෙන් පස්සෙ, 1848 වෙනකන් අපේ රටේ වැඩ භාර ගත්තු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු මෙන්න මේ විදිහට ලැයිස්තු ගත කරන්න පුලුවන්.

*එඩ්වඩ් පැජට් (1822 – 1824)
*එඩ්වඩ් බාන්ස් (1824 – 1831)
*රොබට් විල්මට් හෝට්න් (1831 – 1837)
*ජේ.ඒ.ස්ටුවට් මැකන්සි (1837 – 1841)
*කොලින් කැමල් (1841 – 1847)
*ටොරිංටන් සාමි (1847 – 1850)​ටොරිංටන් ස්වාමිවරයගෙන් අපි ලැයිස්තු ගත කිරීම නැවැත්තුවේ අපේ සාකච්ඡාව 1848 ​ටොරිංටන් ස්වාමිවරයා ආණ්ඩු කරන කාලේ ඉදන් පටන් ගන්න නිසා. 1818 ඒ මහා අරගලයෙන් පස්සෙ සිද්ධ වුණු ඊළග ප්‍රබලම අරගලය සිද්ධ වෙන්නෙ 1848දි. මේ කාලය වෙන කොට (19 වන සියවස) ලෝකයේ ආර්ථික පරිහානියක් ඇති වෙන්න ගත්තා. ඒ නිසා අපේ රටෙන් අපනයනය කරන කුරුදුවල මිළත් එන්න එන්නම පහළ බහින්න ගත්තා. රාජ්‍ය ආදායම අඩු වුණ නිසා රාජ්‍ය වියදම් පියව ගන්න බැරි තත්වයක් උදා වෙන්න ගත්තා.

මේ නිසා ටොරිංටන් ස්වාමිවරයා ඒ වෙනකොටත් අය කරපු බදු වර්ග සෑහෙන ප්‍රතිශතයකින් වැඩි කළා. ඒ කියන්නෙ ඔය වෙළදසැල්වලට, ඔරුවලට, පාරුවලට, බෝට්ටුවලට, මුද්දරවලට ගහපු බදු එහෙම. ඒ විතරක් නෙවේ, අලුත් අලුත් බදු වර්ගත් පනවන්න ගත්තා. ගෙදර තියෙන බර කරත්තෙට අවුරුද්දකට රන් පවුමක් අය කරන්න ගත්තා. තුවක්කුවලට සිලිම් දෙකක් අවුරුද්දකට අය කළා. කොටින්ම කියනව නම් ගෙදර ඉන්න බල්ලටත් අවුරුද්දකට සිලිමක් අය කළා. ඒ වෙන කොටත් අපේ රටේ හිටියෙ බොහෝම සරල ජීවන රටාවක් ගත කරන මිනිස්සු කොට්ඨාසයක්. ඒ අයට අද වගේ අහස උසට බලාපොරොත්තු තිබ්බෙ නෑ. ඒ අය අද අය වගේ වීදුරු ගෙවල් ඇතුළෙ නෙවේ ජීවත් වුණේ. එදා වේල කන්න තිබ්බම ඒ හොදටම ඇති. ලද දෙයින් සතුටු වුණා. ඉතින් මේ බදු සාමාන්‍ය මිනිස්සුන්ට දරා ගන්න අමාරුයි. හම්බ කරන සොච්ච්ම, බද්දෙන් 1/4ක් විතර ඇති.

ඒ මදිවට හැම අවුරුද්දකටම සති 3ක් පිරිමි අනිවාර්යෙන්ම මාර්ග තැනීමේ වැඩවලටත් නොමිළේ උදව් කරන්න ඕන කියලා නීතියක් ගෙනාවා. මේකෙන් නිදහස් වෙන්න නම් ලොකු ගාණක් ආණ්ඩුවට ගෙවන්න ඕන.  ඉතින් අපේ රටේ මිනිස්සු ගොඩක් කල කිරුණා.

Picture

Picture

Photo Credits – Unknown
ඒ මදිවට ආණ්ඩුවෙන් අපේ රටේ මිනිස්සුන්ගේ පෞද්ගලික තොරතුරු එකතු කරලා වාර්තාවකුත් හදන්න ගත්තා (නිල් පොත ව්‍යාපෘතිය – Blue Data Book). ඒකෙන් ආණ්ඩුව තව තවත් බදු ගහයි කියලා මිනිස්සු තවත් කලබල වෙන්න ගත්තා. මිනිස්සු මේ ගැන බ්‍රිතාන්‍ය ආණ්ඩුවට හිසේ කෙස් ගාණට කිව්වත්, ආණ්ඩුව ගණන් ගත්තෙ නෑ. මොකද නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ.මේ විදිහට කාලයක් යන කොට “Colombo Observer” පත්තරේ ලිපියක මෙන්න මෙහෙම කොටසක් පළ වුණා.

“අසාධාරණ බදු ගෙවමින් තම බලය නොපෙන්වා සිටීම නිසා සිංහලයාඅසාධාරණයට හිස නමන නිවට ජාතියක් ලෙස ලෝ වැසියන් පිළිගනු ඇත”

ඉතින් මේක දැකපු අපේ මිනිස්සු මී මැස්සො රංචුවක් වගේ ඇවිස්සුනා. බ්‍රිතාන්‍ය පාලනයට යටත් වෙලා, නිදාගෙන හිටපු අයත් ටිකෙන් ටික ඇහැරෙන්න ගත්තා. මේ ලිපිය ඊට පස්සෙ අපේ රට වටේට අස්සක් මුල්ලක් නෑර යන්න ගත්තා. රට වටේට මේ දැන්වීම අච්චු ගහලා බෙදන්න ගත්තා.  මේ දේවල් වෙලා දවස් 3ක් යන කොට 1848 නිදහස් අරගලය පටන් ගත්තා. ලක්ෂ ගණන් මිනිස්සු ඉංග්‍රීසි පාලනයට විරුද්ධ වෙලා පාරට බහින්න ගන්නවා.

රට පුරාම උද්ඝෝෂණ මතු වෙන්න ගන්නවා. විශේෂයෙන් කොළඹ, මහ නුවර, බොරැල්ල වගේ ජනාකීර්ණ නගර ඉලක්ක කර ගෙන. ආණ්ඩුකාරවරයට මේ අසාධාරණය ගැන කියලා මිනිස්සු පෙත්සම් යවන්න ගත්තා. ඒත් ආණ්ඩුකාරවරයා මෙව්වා ඒ කණින් අහලා, මේ කණින් පිට කළා. ඉතින් අන්තිමේදි විප්ලවයක් පටන් ගත්තා.

ගාල්ල කච්චේරිය ඉස්සරහ කරපු උද්ඝෝෂණයේදී යටත් විජිත ලේකම් “එම(ර්)සන් ටෙනන්ට්”ට අපේ මිනිස්සුන්ගෙන් ගුටි කන්නත් වෙනවා. මේ අස්සෙ 1848 ජූනි මාසෙ 6 වෙනිදා මහ නුවරට රැස් වුණු 4000ක විතර පිරිසක් පෙත්සමක් අත්සන් කරනවා අලුත් බදු ක්‍රමේට විරුද්ධව. 

Picture

Photo Credits – http://www.sundaytimes.lk

Picture

Photo Credits – http://www.sundaytimes.lk
​​මේ පෙත්සම මඩුගල්ලේ (දුම්බර රටේ මහත්මයා) මහ නුවර ඒජන්තවරයා වුණු “බුල(ර්)ස්”ට භාර දුන්නත්, ඒජන්තවරයා ආදා වගේ ලිස්සලා යනවා. මේත් එක්කම මිනිස්සු ඇවිස්සෙනවා. අලුත් බදු ක්‍රමයට එරෙහිව ආරම්භ කරපු සටන, අන්තිමේදී බ්‍රිතාන්‍ය විරෝධී නිදහස් සටනක් බවට පරිවර්තනය වෙන්න ගන්නවා.කුරුණෑගල  අරගලයට හගුරංකෙත ඩිංගිරාළ කොරාළත්, මාතලේ අරගලයට ගොංගාලේ ගොඩබණ්ඩත් නායකත්වය දුන්නා. ගොඩබණ්ඩාගේ නායකත්වයෙන් දියත් වෙලා යන මාතලේ සටනට, තවත් දේශ ප්‍රේමියෙක් එකතු වෙනවා. ඒ තමයි පුරන් අප්පු.

​​රටකට රජ කෙනෙක් අවශ්‍යයි. රජ්ජුරුවො රැකුනොත් රට රැකෙනවා. ඒ නිසා මේ ඔක්කොම එකතු වෙලා අපේ රටට අපේම පාලකයෙක් පත් කරනවා. දඹුල්ල රජමහා විහාරයේදී මිනිස්සු ලක්ෂ ගාණකගේ සහභාගීත්වයෙන් ගොංගාලේ ගොඩබණ්ඩාව, “ශ්‍රී වික්‍රම සර්ව සිද්ධිරාජසිංහ” කියලා ඔටුනු පළන්දනවා. මේ සිද්ධිය වෙන්නෙ අපේ රටේ අන්තිම රජ්ජුරුවො නැති වෙලා අවුරුදු 33කට පස්සෙ. ගොංගාලේගොඩබණ්ඩාගෙ සහෝදරයා වුණු “පදිය පැලැල්ලෙ බණ්ඩා”ට උප රජ තනතුරත්, හගුරංකෙත ඩිංගිරාළ හත්කෝරළයේ රජ තනතුරත් භාර දෙනවා. ඊට පස්සෙ දඹුල්ල, මාතලේ, වාරියපොළ, කුරුණෑගල වගේ ප්‍රදේශ ඉලක්ක කර ගෙන දරුණු සටන් ඇති වෙන්න ගන්නවා. මේ සටන් වලින් ඉංග්‍රීසි හමුදාවේ දහස් ගාණක් මැරෙනවා.

Picture

Photo Credits – http://www.sarasaviya.lk

Picture

Photo Credits – http://www.sarasaviya.lk
මහ උසාවිය විනාශ කරලා, මුඩුබිම් පනත් ගැන තියෙන ලියකියවිලි ගිනි තියනවා. කෝපි වතු, කෝපි ගබඩා ගිනි තියනවා. කුරුණෑගල හිරගේ කඩලා, සිංහල මිනිස්සු නිදහස් කරනවා. කුරුණෑගල උසාවිය විනාශ කරලා හේන් වගාව ගැන තියෙන ලියකියවිලි ඔක්කොම පුච්චනවා. මේ නිසා ටොරිංටන් ආණ්ඩුකාරවරයා යුද්ධ නීතිය ක්‍රියාත්මක කරනවා. අරගලයට සහභාගී වෙන අයට වගේම නායකයන්ටත් දිගට හරහට වෙඩි තියන්න ගන්නවා.කුඩාපොල හාමුදුරුවොත් නිදහස් සටනට උදව් කරන්න ගන්නවා. උන්වහන්සේ සත් කෝරළයේ අරගලකරුවන්ට කෑම, බීම්, ඉදුම් හිටුම් දීලා, ගොංගාලේ ගොඩබණ්ඩට ආරක්ෂාව සපයනවා.

මේ අස්සෙ බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් වරප්‍රසාද ගන්න කියලා හිතාගෙන පාලකුඹුරේ බස්නායක නිළමෙයි, පුතයි, වීදියවැල්ලෙ විදානෙයි ඉංග්‍රීසීන්ටඋදව් කරනවා. ඒ අයගේ ඔත්තුවක් අනුව ඉංග්‍රීසී හමුදාව කුඩාපොල හාමුදුරුවන්ව අල්ල ගන්නවා. 1848 අගෝස්තු මාසයේ නඩු කියලා,ගොංගාලේ ගොඩබණ්ඩට ආරක්ෂාව සපයා දීමේ වරදට මරණීය දණ්ඩනය දෙන්න ඉංග්‍රීසී උසාවියෙන් නියෝග කරනවා. අගෝස්තු 26 වෙනිදා කුඩාපොල හාමුදුරුවන්ව, මහ නුවර දළදා මාළිගාව ඉස්සරහදි වෙඩි තියලා අපවත් කරනවා. මේ සිද්ධිය ගැන අපේ රටේ විතරක් නෙවේ, මුලු ලෝකෙම මිනිස්සු කතා කරන්න ගන්නවා. එන්ගලන්තෙ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවත් දෙදරලා යනවා. 

Picture

Photo Credits – http://www.toranavideo.com

මේත් එක්කම ටොරිංටන් ආණ්ඩුකාරයා සටන්කාරයෝ මර්ධනය කරන වැඩේ ඉක්මන් කරන්න ගන්නවා. මේ වැඩේට “කපිතාන් වොට්සන්” කියලා හමුදා නිළධාරියෙක් ඉන්දියාවේ ඉදන් අපේ රටට එනවා බ්‍රිතාන්‍ය රාජකීය හමුදාව අරගෙන.

සටන උග්‍ර අතට හැරෙනවා. දෙපැත්තෙම ගොඩ දෙනෙක් මැරෙනවා. තුවාල වෙනවා. බ්‍රිතාන්‍ය හමුදාව සටන්කරුවන් ඉන්න ප්‍රදේශවලට යනකොට හම්බ වෙන හැම අහිංසක ගැමියෙක්ම මරණවා. ගම් බිම් ඔක්කොම විනාශ කරනවා. මේ විදිහට ගිහින් බ්‍රිතාන්‍ය හමුදාව අරගලය දියත් වෙන ප්‍රදේශවලට ඇතුල් වෙනවා.

Picture

Picture

Picture

Picture

​මාතලේ සටනට සහයෝගය දීපු දුල්ලෑවේ මහ නිළමෙ බ්‍රිතාන්‍ය අත්අඩංගුවට පත් වෙනවා. 1948 අගෝස්තු 29 වෙනිදා බ්‍රිතාන්‍ය හමුදාව කරපු යුද්ධයකදි පුරන් අප්පුයි, ඩිංගිරාළයි ඉංග්‍රීසීන්ට කොටු වෙනවා. බ්‍රිතාන්‍යන්ට විරුද්ධව නැගී සිටීම සහ බ්‍රිතාන්‍ය ආණ්ඩුවට විරුද්ධව ජනතාව පෙළඹවීම මත මේ දෙන්නව වෙඩි තියලා ඝාතනය කරනවා.අයුක්තිය අසාධාරණය දැකපු තැන, ඒකට එරෙහිව නැගී හිටින එක 1812 නොවැම්බර් මාසයේ 07 වෙනිදා මොරටුවේ උත්පත්තිය ලබපු පුරන් අප්පුගේ සිරිතක් වුණා. මේ නිසා ඉස්කෝලෙ කාලෙත් අහිංසක ළමයින්ට හිරිහැර කරන ළමයි එක්ක රණ්ඩුසරුවල් එහෙම ඇති කර ගත්තා. ශිෂ්‍ය නිදහස වෙනුවෙන් නැගී හිටියා. මෙහෙම ඉදලා ගමේ මිනිස්සුන්ට කරදර හිරිහැර කරන ගමේ ගම්පතියටත් ගහනවා. ඊට පස්සෙ ගමේ හතුරො ඇති වෙන්න ගත්තු නිසා, රත්නපුරේට යනවා. එහෙදිත් ඉංග්‍රීසී වතුකාරයොන්ටයි, ඉංග්‍රීසී හමුදාවටයි ගහනවා. අහිංසක ගැමියෙක්ට අසාධාරණ විදිහට නඩු තීන්දුවක් දුන්න ඉංග්‍රීසී නඩුකාරයෙක්ටත් ගහලා දේපලවලට හානි කරනවා. ඊට පස්සෙ ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට  පත් වෙලා සිර ගත කෙරෙනවා. පස්සෙ හිර ගෙයින් පැනලා, මහ නුවරට යනවා. ඊට පස්සෙ තමයි නිදහස් අරගලයට සම්බන්ධ වෙන්නෙ. “මගේ අම්මා මං වගේ තව තුන් දෙනෙක්වත් බිහි කළා නම් ඉංග්‍රීසීන්ව අපේ රටෙන් අතුගාලා දාන්න තිබ්බා” කියන එක පුරන් අප්පුගේ මුවින් පිට වෙච්ච ප්‍රකාශයක්..!!!!!

Picture

Photo Credits – http://www.dailynews.lk

Picture

Photo Credits – http://www.dailynews.lk
ගොංගාලේ ගොඩබණ්ඩවත් අන්තිම මොහොතෙදි ඉංග්‍රීසීන්ට අහු වෙනවා. කස පාර 100ක් දීලා, ගොඩබණ්ඩව මලක්කාවට පිටුවහල් කරනවා. 1848 දෙසැම්බර් මාසයේ පළවෙනිදා ඒ අභීත වීරයා හෘදයාබාධයකින් මිය යනවා. මේත් එක්කම අපේ මිනිස්සු දියත් කරපු දෙවෙනි නිදහස් අරගලයත් නිමා වෙනවා. එදායින් පස්සෙ අවුරුදු 100ක් (1948) යනකන් එක අරගලයක්වත් බ්‍රිතාන්‍යන්ට විරුද්ධව දියත් වුණේ නෑ. උතුවන්කන්දේ සරදියෙල් (1860) වගේ කිහිප දෙනෙක් ඇරුණම, කවුරුවත් ඉංග්‍රීසීන්ට විරුද්ධව හඩක් නැගුවෙ නෑ. 1848 අරගලය මර්ධනය කරපු හැටි දැකලා අපේ අය ගොඩක් බය වුණා. 1848 අරගලය පටන් ගෙන, දවස් 5ක් යන්නත් කලින් ඉවර වුණා කියලා තමයි පොත්පත්වල තියෙන්නෙ. ඒ කියන්නෙ අරගලය පටන් ගන්නත් කලින් ඉවර වෙනවා. 1818 අරගලය වගේ හුග කාලයක් උඩු දුවන්නෙ නෑ. මේකට හේතු ගණනාවක්ම තියෙනවා.01.
ඒ වෙන කොටත් 1818 අරගලයෙන් ඉංග්‍රීසී පාලකයෝ අපේ රටේ අරගල ගැන හොද අත්දැකීමක්, පුළුල් දැනුමක් ලබා ගෙන තිබුණා.

02.
මේ වෙන කොට අපේ රට යටිතල පහසුකම් වලින් සoවර්ධනය කෙරෙමින් තිබුණා. ඒ නිසා එක්දහස් අටසිය ගණන්වල වගේ ඉංග්‍රීසීන්ටමහ නුවරට යන එක මහ ලොකු කජ්ජක් වුණේ නෑ. උඩරටට යාවෙන්න මහා මාර්ග හදලා තිබ්බ නිසා, හමුදාවට ක්ෂණිකව, අඩු වේලාවක් ඇතුළත, පහසුවෙන් මධ්‍යම කදුකරයට ඇතුල් වෙන්න පුලුවන් වෙනවා. ගංගා හරහා පාලම් නිර්මාණය වෙලා තියෙන නිසා ගිරි, වන, ජල දුර්ගවල බලපෑම ගොඩක් අඩු වුණා.

03.
මේ සටනට ප්‍රමාණවත් විදිහට අපිට යුද්ධ උපකරණ තිබුණෙ නෑ. ඒ වගේම මානව සම්පත් ප්‍රමාණවත් වුණේ නෑ. අපිට හිටියෙ නායකයන් කිහිප දෙනයි. ඒ නිසා ඒ නායකයන් ඉංග්‍රීසීන්ට අහු වෙන කොට, අරගලයට නායකත්වය දෙන්න අය නැතුව අරගලය මහ මග නතර වෙනවා.

04.
මේ අරගලය මැඩපවත්වන්න බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා දරුණු විදිහට යුද්ධ නීතිය ක්‍රියාත්මක කරනවා. අමානුෂික විදිහට මේක මැඩ පවත්වනවා. ඒ වගේම ඉන්දියාවෙනුත් විශාල ඉංග්‍රීසී හමුදාවක් ආධාරත් අරගෙන මේකට සම්බන්ධ වෙන්න ගත්තා.

05.
මේ සටන මුලු රට පුරාම යන්නෙ නෑ. ප්‍රදේශ කිහිපයක විතරයි ගියේ. ඒ නිසා ඉංග්‍රීසීන්ට අවධානය යොමු කරන්න තිබ්බෙ සුළු කොටසකට විතරයි. ඉතින් මුලු හමුදා බලයම ඒ සුළු ප්‍රදේශයට දැම්මා.

06.
මේ අරගලය අසාර්ථක වෙන්න තවත් ප්‍රබලම හේතුවක් තමයි පාවාදීම් සිද්ධ වීම. අපේ රටේ විතරක් නෙවේ ඉන්දියාව, ඇමරිකාව වගේ රටවලත් බ්‍රිතාන්‍ය විරෝධී අරගල සිද්ධ වෙනකොට ස්වදේශිකයන් විසින්ම තමන්ගේ රට, බ්‍රිතාන්‍යන්ට පාවා දුන්නා. 1818 වගේම උසස් වරප්‍රසාද ගන්න, අපේම මිනිස්සු අපේම මිනිස්සුන්ව පාවා දුන්නා. අපේ නිදහස් සටන වගේම රටත් පාවා දුන්නා. ඒ අය තමයි අරගල නායකයන් ගැන ඉංග්‍රීසීන්ට තොරතුරු සැපයුවෙ. මේක රටේ ඉදිරි ගමනට ලොකු බාධාවක්. එදා වගේම අදත් එහෙමයි. අපේ රටේ ඉපදිලා, අපේ රටේ හැදුනු වැඩුනු කී දෙනෙක් අදත් අපේ රටට විරුද්ධව ඩයස්පෝරාවට, Channel 4 වලට උදව් කරනවද..??? පහු ගිය යුද්ධ කාලෙ කීදෙනෙක් අපේ රටේ දේශපාකයන්ව, හමුදා නිළධාරීන්ව ඝාතනය කරන්න LTTE එකට තොරතුරු දීලා තිබ්බද..???

1848 අරගලයෙන් පස්සෙ අපේ රට ගොඩක් වෙනස් වෙනවා. මුලදි කිව්වා වගේ මේ අරගලය මර්ධනය කරපු විදිහ දැන ගත්තු එන්ගලන්තයේ ගොඩක් බ්‍රිතාන්‍ය ජාතිකයො කම්පාවට පත් වෙනවා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මේ ගැන ගොඩක් කතා වුණා. විශේෂයෙන්ම කුඩාපොල හාමුදුරුවන්ව අපවත් කරපු සිද්ධිය නිසා ටොරිංටන්ව ගොඩක් අයගේ දෝෂ දර්ශනයට ලක් වෙන්න ගත්තා. මේ නිසා වෙනමම මණ්ඩලයක් පත් කරලා, මේ ගැන හොයලා බලලා ටොරිංටන්ව එන්ගලන්තයට ගෙන්වලා, හැම තනතුරකින්ම එයාව ඉවත් කරනවා. ටොරිංටන් ජීවිතේ අන්තිම කාලෙ ගත කරන්නෙ සමාජයෙන් කොන් වුණු හිස් මිනිහෙක් විදිහට. ඒ වගේම ඒ කාලයේ මැතිවරණවලින් බ්‍රිතාන්‍යයේ අගමැතිවරයත් පරාජයට පත් වෙනවා.

​ටොරිංටන් කියන්නෙ ඉස්සර එන්ගලන්තෙ ගොවිපලක වැඩ කරපු එක්කෙනෙක්. එයා කළේ සත්ව පාලනයයි. සත්තු මැරුවා, සත්තුන්ව හම ගැහුවා, කිරි දෙව්වා. ටොරිංටන් ඒ කාලයේ බ්‍රිතාන්‍යයේ අගමැතිවරයගෙ ඥාතියෙක් වෙනවා. ඉතින් අගමැතිවරයා තමයි ටොරිංටන්, අපේ රටේ ආණ්ඩුකාරවරයා කරන්නෙ. මිනිහෙක් පල්ලෙහා ඉදලා, වෙහෙස මහන්සි වෙලා, ටිකෙන් ටික ඉහළට යන එක, දියුණු වෙන එක වෙනම කතාවක්. ඒත් පල්ලෙහා හිටපු මිනිහෙක්ට එක පාරටම ලොකු තනතුරක් හම්බුනාම, එයාට ඒකෙන් මොනව කරන්නද කියලා හිතා ගන්න බෑ. සමහරක් විට ගොවිපලක වැඩ කරපු නිසා, ටොරිංටන්ට​ මිනිස්සුන්වත් සත්තු වගේ පෙනුනද දන්නෙ නෑ.

මෙන්න මේ නිසා තමයි ඡන්දය දෙන කොට වුණත් හොද බුද්ධිමත් කෙනෙක්ට ඡන්දය දෙන්න ඕන. නූගත් අයව බලයට පත් කළාම ඔහොම තමයි වෙන්නෙ. දැන් ඔය සමෘද්ධි නිළධාරියාව ගස් බැදපු එක්කෙනා වුණත්, පල්ලෙහා ඉදන් එක පාරටම උඩට ආපු එක්කෙනෙක්නෙ. කිසිම උගත්කමක් නෑ. බලයට පත් වෙලා කරන දේවල් පේනවනෙ..????

​ටොරිංටන්ගෙන් පස්සෙ 1850 නොවැම්බර්වල “ජෝර්ජ් ඇන්ඩ(ර්)සන්” කියලා ජනහිතකාමී අලුත් ආණ්ඩුකාරවරයෙක් පත් වෙනවා. ඊට පස්සෙ ජනතාවගේ අප්‍රසාදයට ලක් වුණු අලුත් බදු වර්ග අයින් කරනවා. අනිත් බදු වර්ග මිනිස්සුන්ට සහනයක් වෙන විදිහට සංශෝධනය කරනවා. 1848 අරගලයට පිං​ සිද්ධ වෙන්න 1850න් පස්සෙ හැමෝම අපේ රටේ මිනිස්සු දිහා ඇස් ඇරලා බලන්න ගන්නවා. මිනිස්සුන්ට හිතකර විදිහට පාලන ප්‍රතිපත්ති අලුතින් හදනවා.